වැහිබර සිතුවිලි -(කෙටි කතාවකි)



රුණු වැස්සක පෙර නිමිති සවස ඉඳන් පෙනුනි. අහස් තලයම වලාකුළින් බරව තිබුණි. දැඩි නිශ්චලත්වය බිඳිමින් සැඩ සුලං රැළක් හමා යළි දැඩි නිශචලත්වයක් කරා පරිසරය රැගෙන යමින් තිබුණි.මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දී වැහි බි‍ඳු ගැනිය හැකි මට්ටමෙන් පොළොවට පතිත වන්නට පටන්ගෙන මහ වැස්සක් පටන් ගෙනද තිබුනී.මා කුටියේ ඇති එකම කවුළුවෙන් වැහිබර අහසත්, ගස්කොලන් මත පහර පිට පහර දෙන වැහි පොද දෙසත් කම්මැලි කමින් බලා සිටියෙමි.දැඩි නිදි බර ගතියක සිටි මට එකෙනෙහිම නැගුණු මහ හඬකින් නිදිගැට බිඳිනි. ඒ මහා විදුලි කෙටුමකි. කවර කලෙකවත් නෑසුන තරම් ඒ හ‍‍‍ඩ ප්‍රබලවත් තීව්‍රවත් ඇසුණි. ඒ හඬට කලින් ඇහැට වැටුණු ඒ එළියද ගිනි රතු පැහැයක් ක්ෂණයකින් නැති වී ගියාක් වැනි විය. මට කුටියෙන් එළියට ගොස්, එළියෙහි සිදුවන මේ ආශ්චර්යය සියැසින් දැක ගන්නට සිතක් පහළ වුණි. පීලි දිගේ රූටා එන වැහි පොද මහ ජල කඳක් වි පොලොවට පැන දිවි නසා ගන්නා වැනිය. කවදත් වගේ මම එළියට ආවොත් අයියගෙ පොඩි එකා මා එක්ක සෙල්ලමට වැටේ.ඉතින් ඒ පොඩි එකාට මේ මහ වැස්ස දැකල හරි හිනාය. අහස ගෙරෙව්වත් ඇයට හිනාය.විදුලි කොටන කොටත් හිනාය. අතැතිව සිටි සෙල්ලම් බෝනික්කත් එක්ක මා ලඟට ඇය ආවේ ඒ බෝනික්කා මගේ ඇ‍‍‍‍‍ඟේ පිටුපස වද්දමින් එහාට මෙහාට දුවන්නට පොඩි ගිවිසුමක් ගිවිස ගැනීමටය. ඇගේ සිත රිදවිය නොහැකි මට සෙල්ලම කිරීමට පටන් ගත්තෙමු.මා ඉදිරිය බලා ගෙන සිටින අතර ඇය පිටු පසින් සෙල්ලම් බෝනික්කාගෙන් මට පහරක් ගසයි.මම හැරී බැලූ විට ඇය තිගැස්සීමටත්, මහ හඬින් සිනා සීමටත් පටන් ගනී.එය ඇගේ විනෝදයයි. මේ අස්සේ වැහි සැර වැඩි වෙමින් තිබු විනා අඩු නොවුණි.දැන් දැන් ඇගේ මේ සෙල්ලම මට එපා වී තිබුණි.


දැඩි නිශ්චලත්වයක් මගෙ සිත අයැද සිටින බවක් වැටහුණි.ඒත් ,ඇගේ හිත රිදෙන වදනක් පිට කල නොහැකි මම ඇයට අපූරු සංසිද්ධියක් පැහැදිලි කර දෙන්නට පටන් ගත්තෙමි. මට ඕන වුණේ ඒ කර කර සිටි සෙල්ලමෙන් පැන යාමටත් , වැස්ස සමග මොහොතක් අතීත ආවර්ජනයක යෙදෙන්නටය. "පැටියෝ ඔයා දන්නවද වැඩක්?" ඔයාගේ ඔය අතේ තියෙන සෙල්ලම් බෝනික්කා ඔයා නිදා ගත්තම , ඇවිදින්න , කථා කරන්න පටන් ගන්නව! මෙයාල මේ බොරුවට ඉන්නේ නිකන් පණ නැහැ වගේ ! මෙයත් ඔයා වගේම කථා කරනව, සින්දු කියනව,නටනව,කනව,බොනව!!! ඔව්..... ! ඔයාල වගේම තමයි.... ! හැබැයි එයාල ඒ ඹක්කොම කරන්නේ අපි කවුරුත් නිදා ගත්තම! හ්ම්ම්... ඒක තමයි තියෙන ප්‍රශ්නෙ!අපිට කවදාවත් දකින්න බැහැ පැටියෝ....!! අපි ඔක්කොම නිදා ගත්තම තමයි මේ ගොල්ලො ඒ වැඩ කරන්න පටන් ගන්නේ! මේක අහපු ගමන් මේ පොඩි එකා එහෙනම් මම නිදා ගන්නම් කියල ඇස් පියා ගත්ත.බෝනික්කට පණ එන හැටි බලන්න. "නෑ පැටියෝ ... ඔයා ඇස් පියා ගත්තට...., බලන්න.... !මේ ගෙදර තව කොච්චර කට්ටිය ඉන්නවද? නිදි නැතිව....!! ඒ බව එයා දන්නව...! එකනේ මේ පණ නැහැ වගේ ඉන්නේ....! මෙයින් නොනැවුතුණු ඈ බෝනික්කා සමග තරමක් කේන්ති ගත්තාය.ඇය පහර පිට පහර එල්ල කරමින් ඒ මේ අත විසිකරමින් පරික්ෂාවකට භාජනය කරයි. ඇය දැන් ඇස් පියාගෙන හොරෙන් හොරෙන් බෝනික්කා දෙස බලයි. ඒත් ඇය කිසිවක් නොදැකී. සුළු මොහොතකට පසු ඇයට ඒ සිද්ධිය එපා විය. වැස්ස ද කෙමෙන් කෙමෙන් නිම වෙමින් පැවතුණි‍. නොවිසුඳුණු පැනයක් මුහුණේ තබා ගනිමින් ඇය නින්දට ගොස් සිටි බව දුටිමි.වදෙන් පොරෙන් ගැල වෙන්නට මම ඇයට ඒ පැවසූ දේ ඇත්තටම ඇත්තක් වුවහොත් කුමකින් කුමක් සිදුවන්නේ දැයි මා මුසපත් වුණි.මා ඇයට පැවසූ දේ ඇගේ මනසයට බර වැඩි දෝයි මට සිතුනි.එහෙත් ඇය දැන් සෙල්ලම් බඩු සමග දක්වන හැසීරීම වෙනස් බව මට ඒ මො‍හොතේම වැටහුණි.


ඇය දිගින් දිගටම ඒ කුඩා බෝනික්කාට පහර දෙන්නට වුයේ ප්‍රාණයක් ඇත්නම් කෑ ගැසීමට පටන් ගන්නා බව දන්නා නිසා විය යුතුය. මා සෙල්ලම් බෝනික්කා ඔස්සේ මේ සංසිද්ධිය යථාර්ථයක් බවට පසක් කර ගැනීමට සාධක සොයමින් කුටියට පැමිණ කල්පනාවක නිමග්න වුනෙමි.පැහැදිලි සාක්ෂියක් මා හට නොමැති බැවින් කල්පිතයක් හෝ ඇසූ පිරූ යමක් තිබේ දැයි, මා සොයන්නට වුණි.දැන් මගේ මනසට දැඩි බලපෑමක් වන්නට තරම් මේ සිද්ධිය බරපතල ව ඇති සෙයක් මට වැටහුණි. මට දැඩි මරන බියක් ගෙන දෙන්නට තරම් ඈ ලඟ හුරුබුහුටි සෙල්ලම් බඩු රොත්තකි.මා ඒ හුරුබුහුටි සෙල්ලම් බඩු රොත්තෙන්ම මැරුම් කෑමට ඉඩ ඇති බවක් හිටි හැටියේම මගේ හිතට ඇතුළු වුණි. ඉතින් මම කියා කුමක් කරන්නද? ප්‍රාණය ලබන්නේ අප සියල්ලම දැඩි නින්දේ පසුවන අවස්ථාවේ දී බව මගේ දැඩි විශ්වාසයයි.දැඩි තෙහෙට්ටු වූ මනසක් සහිතව නින්දට ගියද නින්ද නොපැමිණේ.දැඩි විමසිල්ලකින් මා අද නිදි වරා ජීවිතය රැක ගත යුතු බවට අධිෂ්ඨාන කර ගතිමි. මට යන්ත්‍ර සූත්‍ර සියල්ලම ගැන දැඩි සැකයක් ඇති විය. ඉතින් එහෙම ප්‍රාණයක් ලබයි නම් ඒ ආයුධ සන්නද්ධ සෙල්ලම් බෝනික්කන් ගේ සැබෑ ස්වරූපය අනුව යමින් එයින් මැරුමි කා මියැදෙනවා මිසක් වෙන කුමක් පතන්නද? කිසිවක් නොමැත මිහිපිට! මට මේ අප්‍රාණින් , ප්‍රාණයන් ලබන මොහොත නරඹන්නට දැඩි උවමනාවක් තිබුණ නමුත් ඒ සඳහා චලන කැමරාවක් යොදවා පටිගත කරන්නට සිතුවද පසුව මට පසක් වූයේ කැමරාව ද උන්ගෙම එකෙක් බැවින් ඌ ද සෙල්ලම් බෝනික්කන්ගේ චලනයන් පටිගත නොකර ඔහේ හිඳින බවක්ය.දැඩි නොසනසුන් කාරී බවකින් මම එදින සිට රාත්‍රිය ගත කරමි, දහවල මට එතරම් බියක් ගෙන නොදෙයි.

Rimy Thimal ගයන - නිදහසේ ගීතය.....



දවත සැලී මැලී යන රාවයක් දසත පැතිරේ.....

සියොලඟ තැවී දැවී යන මර බියක් සිතට වද දේ.....
වහලය කැඩී බි‍ඳී ගිය පැල් කොටක් පසුද හමුවේ.....
මුළුරට අපා දුකක් විඳි යුද්ධයක් නිමක් දැක්කේ.....

සිනාසෙන්න.....
මේ නිදහසේ ගීතයයී.....
ඝෝෂා නගන්න.....
මේ නිදහසේ ගීතයයී.....
නිදහසේ......
පරෙවියො ඉගිළුනා.....
තල් ගසේ ......
මුදුනින් තටුසලා.....
බංකරේ නිවහන ඇත තනා.....
දිවි පිදූ.....
විරුවන් සි‍තේ දරා.....

හදවත සැලී මැලී යන රාවයක් දසත පැතිරේ.....
සියොලඟ තැවී දැවී යන මර බියක් සිතට වද දේ.....
වහලය කැඩී බි‍ඳී ගිය පැල් කොටක් පසුද හමුවේ.....
මුළුරට අපා දුකක් විඳි යුද්ධයක් නිමක් දැක්කේ.....

සිනාසෙන්න.....
මේ නිදහසේ ගීතයයී.....
ඝෝෂා නගන්න.....
මේ නිදහසේ ගීතයයී.....
නිදහසේ......
පරෙවියො ඉගිළුනා.....
තල් ගසේ .....
මුදුනින් තටුසලා.....
බංකරේ නිවහන ඇත තනා.....
දිවි පිදූ......
විරුවන් සි‍තේ දරා.....


සංගීතය - පද රචනය - ගායනය - Rimy Thimal (රයිමි තිමල්)



ඔබගේ අදහස් , යෝජනා චෝදනා කියන්න මෙන්න ඔහුගේ ඊ-මේල් ලිපිනය:-

aroshathipoon@yahoo.com
මෙන්න ඔහුගේ දුරකථන අංකය:-

071-5605424

ගීතයෙන් තවත් බොහෝ දේ කරන්නට මම ඔහුට සුභ පතමි...!




මැවීමක් ගැන සිහින දැකීම! (1 කොටස)




හිටිහැටියෙම ඔන්න මම පියාඹන්න පටන් ගත්ත. කොච්චර උඩින් පියාඹනවද කිව්වොත් බිම බලන්නත් බයයි. මම සමනලයෙක් වත් වෙලාද? අනේ මන්දා.. සමනළයෙක් කොහොමද මෙච්චර උඩකට පියඹන්නේ..එහෙනම්.. මම උකුස්සෙක් වත් වෙලාද? අනේ මන්දා.. එහෙනම් කෝ මගේ දිග හොටය, විසාල පියාපත් යුවළ, කෝ ලොකු පොඩි සැමට රැකවරණය.. අනේ මන්දා.. මම හිතන් උන්නෙ උකුස්සෙක් කියන්න දන්න එකම හිංගල වාක්කිය ඒක කියල.. කොහෙද ඉතින් පොඩිකාලේ ඉඳන් ඇහුනේ ඕකමනේ... ඒත් මට ඔය මුකුත් මේ වෙලාවේ නැහැනේ...පියාපත් පිහිටලවත් නැහැ.. මගේ අත් දෙක කුරුසයකට තියල ඇන ගහල වගෙයි.මට හරිම වේදනයි.. අල්ල මැදින් ඇණ ගහල ලී කණු දෙකක.. හරියටම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ වැගෙයි.පැහැදිලිවම මොන වරදක් කරාටද? ඒත් මම මෙච්චර උඩකට ගිහින් තියෙන්නෙ කාගෙ හරි වරදින්ද? නැතිනම් මං කරල තියෙන පෙර පිනකටද? අනේ මන්දා.. මේ අහස් තලයම ඝණ අඳුරක් වසා ගෙනය. මම ඔහේ පා වෙනව කුරුසයක් පිටේ බැඳගෙන දෙයියනේ ... එක අතකට මේ කුරුසය බිම දිගේ ඇදගෙන යනවට වඩා නම් මෙය සැපකි. මට තිබ්බ ලොකු හීනයක් උඩින් යන්න. මෙච්චර තාක්සණේ දියුණු යුගයක මට ඇති එකම දුක මම මේ උඩින් යන ගමන පෘථිවිය මත ප්‍රධාන පාලක මැදිරියක් ඔස්සේ සකළ ලෝක වාසින්ටම දැන ගන්න අවස්තාවක් දෙන්න නොලැබීමයි. මොනව කරන්නද? මේ ගමන මම වත් කලින් දැනගෙන සිටි ගමනක් නොවෙයි නේ... කොහොම වුනත් මගේ අත් දෙකට ඇන ගහල තියෙන එක ගැන නම් මට කිසිම මනාපයක් නැත.කොටින්ම මට පිට කසා ගැනීමටවත් බැරිය. පිට කැසීමට කෙනෙකු සිටියා නම් කොයි තරම් අගනේද? මගේ සියළු වේදනා දුරලන්නට ඇත්තේ මේ සීත වැහිබර සුලඟ විතරයි. පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොලොවත් මුවූ සේක. පොලොව වනාහි පාළුව හිස්ව තිබුණා, ගැඹුර පිට අන්ධකාරය විය. මැවීව ගැන ශුද්ධ වූ බයිබලයේ ලියැවිච්ච දේ හරියටම හරි බව සියැසින් දැක්කෙමි. මේ මා වසන මහ පොලොවම දැයි මට උඩින් යන මේ වෙලාවෙ හිතා ගන්න බැහැ. මහ පොලොව පාළු වෙලා නේනන්ම්. මට මහා අමනුෂ්‍ය බියක් දැනෙන්නට වුණි. මේ මිහිතලයට බට පළමු මිනිසා දකින්න මම වැර වීරිය ගෙන පොලොවට බඹ දස දහස් ගනනක් උඩි පියාඹමි. දෙවියන් වහන්සේ තව මොකද්දෝ මවන්න සැරසෙයි.දෙයියනේ මම මහා ඝණ අඳුර විනි විද ගෙන දැඩි සුලං මධ්‍යයේ ඉදිරියටම ඇදෙමින් සිටිමි.වේදනා බර මගේ කුරුසගත කයද රැගෙන ඇදෙමින්...මෙන්න ඔහු එළිය මැව්වා.... කදිමයි! එළිය යහපත් බව දෙවියන් වහන්සේ පැවසූ බව මගේ සාක්කුවේ තිබ්බ අදිතාක්සනික ‍ජංගම දුරකතනයට එස්එම්එස් පුවත් පණිවුඩය ලැබුණි. දෙයියනේ... දෙවියන් වහන්සේ ඔබ කොහිද? ජීව මානව මා ඉදිරියේ පෙණී ඉන්න දෙයියනේ... මට ඔබට ස්තුති කරන්න අවශ්‍යයි. මා මේ මොහො‍තේ මගේ සාහෝදරයන්ට කතා කොට කිව්වෙමි, දෙවියන් වහන්සේ එළිය මැවූ බවත් මෙතෙක් අප ඉඳ ඇත්තේ අඳුර තුල බවත් එළිය යනු අඳුරේ විරුද්ධ පදය බවත්ය . දෙවියන්ට ස්තුති වේවා!






හැමදාමත් ඔහොමයි!


ඉරිදට ඇවිත් බලන්න.....

බේබද්දෝ-හිඟන්නෝ-බූට්කාරයෝ-බිස්නස්කාරයෝ-ජොගිංකාරයෝ-කුළීවැඩකාරයෝ-පික්පොකට්කාරයෝ-කාලයකාදමන්නෝ-කලාකාරයෝ-නිකංබලංඉන්නෝ-සරුංගල්අරින්නෝ-කුළියටකහින්නෝ-සූස්තිකාරයෝ-බඩුකාරයෝ-පොලුකාරයෝ-මගෝඩිකාරයෝ-වීල්කාරයෝ-පැජරෝකාරයෝ-චෙරිකිව්කිව්කාරයෝ-බෙන්ස්කාරයෝ-පොලිටික්කෝ-හෙන්චයියෝ-නඩුකාරයෝ-විත්තිකාරයෝ-වගඋත්තරකාරයෝ--කඩලකාරයෝ-කුඩුකාරයෝ-කුපාඩියෝ-අයිස්ක්‍රීම්කාරයෝ-බැලුංකාරයෝ-මැජික්කාරයෝ-පොඩිබබාල-ලොකුබබාල-ආයඅම්මලා-තැඹිලිකාරයෝ-දුම්බොන්නෝ-පොලිස්කාරයෝ-හමුදාකාරයෝ-සල්ලිකාරගෑණු-හිඟනගෑණු-වේසගෑණු-ලමිස්සියෝ-ගැටිස්සියෝ-දැරිවියෝ-අතදරුවෝ-ගැබ්බරුවෝ-අළුතබැඳපුඑවුන්-බඳින්නඉන්නඑවුන්-බැඳලඑපාවෙච්චඑවුන්-කොටුපනිනඑවුන්-ලෝකහොරු-පල්හොරු-නීලමහහොරු-සක්විතිලා-ජෙම්කාරයෝ-ජුවලරිකාරයෝ-වතුකාරයෝ-තවමමනොදන්නඑවුන්-ඔක්කොමඑකටවැල්ලපාගා-හුළංවැදිලා-ගෙවල්දොරවල්-බලාපිටයයයි!